Friday, July 1, 2016

ශ්‍රී ලංකාවේ මොණර නැටුම - Sri Lankan Peacock Dance

Girls wearing peacock outfits dancing. Also called mayura wannama,monara natuma. A popular part in Sri Lankan Perahara.

This dance is performed mostly by girls rarely by boys wearing beautiful peacock outfits in peraheras in Sri Lanka.

මොණර නැටුම, මයුර වන්නම ශ්‍රී ලංකාවේ පෙරහැර වල ආවෙණික අංගයකි. මෙය බොහෝ විට මොණරුන් ලෙස වර්ණවත් ඇඳුම් වලින් සැරසුණ යුවතියන් හෝ ඇතැම් විට පිරිමි ළමයින් විසින් සිදු කරයි.


Tuesday, June 10, 2014

ඇපල් උමතුව

අද සමාජයේ පවතින එක් උමතුවකි ඇපල් උමතුව. ඇපල් කෑමේ දොලදුක නොවේ වෙනත් දොලදුකකි.

දැන් බොහෝ කොල්ලන්ට තියෙන අමාරුවක් වන්නේ තමන්ගේ ෆෝන් එකේ පිටුපස ඇති බාගෙට කාපු ඇපල් ගෙඩිය කාටත් පේන්න තැබීමය. බස් එකේ යන විටදී ටවුමේ යන විට ඔවුන් මෙයින් වින්දනයක් ලබති.

අද රටේ බහුතරයකට ඇපල් ෆෝන් එකක් හරියට භාවිත කිරීමට හැකියාවක් ද වත්කමක් ද නැති බවක් පෙනේ. මේවායින් අධික ලෙස ඉන්ටනෙට් භාවිත වන අතර ෆෝන් එක ඇක්ටිව් කිරීමට ඇපල් අයි.ඩී එකක් ඕනෑය. මෙයට අනිවාරයෙන්ම අන්තර්ජාතික ඩෙබ්ට්/ක්‍රෙඩිට් කාඩ් පතක් උවමනාය. බොහෝ මද්‍යම පාන්තිකයින් ඇපල් භාවිත කරන්නේ කාගේ හෝ ක්‍රෙඩිට් කාඩ් නම්බරේකටය. ඇප්ස් දාගන්නේ වයිෆයි ඇති යාලුවෙකුගේ ගෙදරය.

මෙයින් හැඟෙන්නේ ඇපල් සුදුසු ධනපති පන්තියේ අයට බවය. අනික් අතට ඇපල් බොහෝම ලස්සනය. නමුත් වැඩ එච්චරම ලොකුවට නැත. ඔවුන් ලොකු වැඩ සරල කර පාරිභෝගිකයාට ලබා දෙයි. ඇන්ඩ්‍රොයිඩ් මෙන් ලොකු වැඩ ලොකුවටම පෙන්නා පාරිභෝගිකයා චාටර් නොකරයි. මේ හෙයින් භාවිත කරන්නා තුල ඇපල් කෙරෙහි ඇති වෙන්නේ ගවුරවයකි.

අනික් කේස් එක ඇපල් පාවිච්චි කරන උදවිය ඇපල් ෆෝන් එකක් ගත් විට තමා ඒ කොම්පැනියම ගත්තාක් මෙන් පුරසාරම් දොඩවයි. ඒ කොම්පැනිය ගැන මොකුත් නොදැනය.

අද අපි පාවිච්චි කරන ගොඩක් තොරතුරු තාක්ශණික උපකරණ වල පුරෝගාමියා ඇපල් වලද පුරෝගාමියා වූ ස්ටීව් ජොබ්ස් ය. ඔහු නම් සිරා පොරකි. මල්ටි ටච්, සවයිප් අන්ලොකින් එතකොට අපේ කොම්පියුටරේ ඇති ඉන්ටෆේස් එකේ මූලිකයා ද ඔහුය.